මාර්ග සංවර්ධන අධිකාරිය​

සුභසාධක සංගමය වෙත සාදරයෙන් පිළිගනිමු

අප සංගමයේ ක්‍රියාකාරිත්වය තවත් වැඩිදියුනු කරමින්. ඔබට කාර්යක්ශම සේවාවක් ලබාගැනීම සදහා මෙම වෙබ් අඩවිය ඔබ වෙත පිරිනමන ලදී. අප සංගමයේ අයදුම්පත්‍ර සියල්ල දැන් මේ හරහා ඔබට නිවසේ සිට ලබාගැනීමට ඉඩප්‍රස්ථාව ලැබී ඇත.

සාමාජිකයින් සංඛ්‍යාව​
0 +
ලබා දී ඇති ණය ගණන
0 +
ආවරණය කරන ලද සමාජ සිදුවීම් ගණන​
0 +

සභාපති

අප අධිකාරියේ සාමාජික සාමාජිකාවන් එක්ව 1994.06.23 වන දින සංගමයක් ලෙස ලියාපදිංචි වී පවත්වා ගෙන යනු ලබන අතර දැනට අප සංගමයේ සාමාජික සාමාජිකාවන් 3271 පමන සාමාජිකත්වය දරන අතර, නමුත් මෙය සෑම වසරකම සාමාජිකයන් ඉවත්වීම හා නව සාමජිකයින් පත්වීම තුල වෙනස්වීමකට ලක් වේ.

දැනට අප සංගමය විශාල ලෙස ප්‍රගතියක් හා සාමාජික සාමාජිකාවන් සදහා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන අතර එය එසේ වීමට හේතුව වුනේ අප සංගමය නිවැරදි ඉලක්කයක් මත මෙහෙයවීම මතය.

සෑම සාමාජිකයෙකුගේම මුදල් හා ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ උපරිමයෙන් ලබාදී ඇති අතර මින් ඉදිරියටත් එය තව තවත් වර්ධනය කර ගැනීම සඳහා නිවැරදිව සුභසාධක සංමය වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කරගන්නා මෙන් ඔබ සැමට දැනුම් දෙමි.

භාණ්ඩාගාරික​

වර්ෂ 1994 සිට 2013 දක්වා සියලූම ගනුදෙනු ලිඛිතව ගිණුම් පොත් වල වාර්තා කර තිබෙන අතර 2013 න් පසු එය විධිමත් ආකාරයට ගිණුම්කරණ පැකේජයක් භාවිතා කර සියළුම ගනුදෙනු ඒ හරහා සිදු කරනු ලැබීමට කටයුතු කරන ලදි. 2013 වසරින් පසු විශාල ප්‍රගතියක් සංගමය ලබා ඇති අතර එය මූල්‍යමය අතින් විශාල වර්ධනයක් සිදු වී ඇති අතර සාමාජියන්ට උපරිම සුභසාධනයක් ලබා දීමට කටයුතු කර ඇත.

 

සෑම සාමාජිකයෙකුගේම තොරතුරු හා ඔවුන් සංගමය සමඟ සිදු කළ ගනුදෙනු 2014 වර්ෂයේ සිට නිවැරදිව අප සංගමයේ ගිණුම්කරණ පැකේජය තුළ අන්තර්ගත වී ඇති අතර එහි නිවැරදි තොරතුරු ඕනෑම සාමාජිකකයෙකුට ලබා ගැනීමේ හැකියාව ඇත.

 

එය මින් ඉදිරියටත් සුරක්‍ෂිතව පවත්වාගෙන යාම ඔබ අප සැමගේ වගකීම බව මා සියලු සාමාජිකයන්ට දැනුම් දෙමි.

ලේකම්

අප සංගමයේ ඇති සියලුම සාමාජික සාමාජිකාවන්‍ගේ තොරතුරු හා සංගමයේ සියලුම ලිපිද්‍රව්‍ය කටයුතු නිසි අයුරින් හා විධිමත්ව සකසමින් සාමාජිකයන්ගේ පහසුව වෙනුවෙන් ඇප කැප වී සේවයේ නියුතුව සිටින්නෙමි.

 

මෙම සංගමය ලබා ඇති ප්‍රගතිය දැනට අප ලැබූ විශාල ජයක් ලෙස මා දකිමි. මෙය රැක ගැනීම සාමජික ඔබගේ යුතුකම හා වගකීම වේ.

Our Services

Welfare Loans

Focus on how you can help and benefit your user. Use simple words so that you don't confuse people.

Receiving death benefit money

Focus on how you can help and benefit your user. Use simple words so that you don't confuse people.

අපගේ සේවාවන්

සුභසාධක​ ණය

රු.50000.00 ක් හා රු 100000.00 ණය ගෙවීම් දෙකක් ලබාදෙනු ලබන අතර ඔබට එය වසර දෙකකින් නැවත අයකර ගැනීම පදනම මත සාමාජිකයන්ට ලබා දේ.

මරණාධාර

සාමාජිකයා මිය යෑම, සාමාජිකයාගේ මව, පියා, සාමාජිකයාගේ කලත්‍රයාගේ මව, පියා මියයාම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් මේ සඳහා අයදුම් කල හැක​.

අයදුම් පත්‍ර​

Deposit And Loan Size Adjusted

තැම්පතු හා ක්‍ෂණික ණය මුදල අයදුම් පත්‍රය​

ඔබගේ තැම්පතු මුදල හා ක්‍ෂණික ණය ඉල්ලීම් අයදුම් පත්‍රය පහතින් ලබාගන්න​

Welfare loan Size Adjusted

සුභසාධක​ ණය මුදල අයදුම් පත්‍රය​

රු.50000.00 ක් හා රු 100000.00 ණය ගෙවීම් දෙකක් ලබාදෙනු ලබන අතර ඔබට එය වසර දෙකකින් නැවත අයකර ගැනීම පදනම මත සාමාජිකාවන්ට ලබා දේ. එම අයදුම් පත්‍රය පහතින් ලබාගන්න​

White Flag Size Adjusted

මරණාධාර අයදුම් පත්‍රය​​

සාමාජිකයා මිය යෑම සාමාජිකයාගේ මව පියා සාමාජිකයාගේ කලත්‍රයාගේ මව පියා මියයාම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් මේ සඳහා අයදුම් කල හැක​.

සාමාජික අයදුම් පත්‍රය​

අප සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම​ සඳහා මෙම අයදුම් පත්‍රය පුරවා අප සංගමය වෙත ලබාදිය යුතුය​.

Electronic

ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය​.

පිළිගත් ආයතන මගින් ඉලෙක්ට්‍රොනික උපකරණ හා ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රමය මත ගෙවීම් කිරීමට පහත සඳහන් අයදුම්පත්‍රය පිරවීම කළ යුතුය​.

Stall Size Adjusted

වෙළඳ කුටි සඳහා අයදුම් පත්‍රය ​

බාහිර පාර්ශවයන් විසින් ආයතනය තුල ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීම සඳහා බාහිර පාර්ශවයන්ට මෙම අයදුම් පත පුරවා අදාළ දිනයන් වෙන් කර ගත හැක​.

ශිෂ්‍යාධාර ලබාගැනීමේ අයදුම් පත්‍රය​

අප සංගමයේ සාමාජිකයින්ගේ දරුවන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වීම, අ:පො:ස (සා:පෙල​) සමත් වීම, අ:පො:ස(උ:පෙල​) සමත්වීම යන අංශ සඳහා එක් වරක් පමණක් ශිෂ්‍යාධාර ලබා ගැනීම සඳහා පහත සඳහන් අයදුම් පත්‍රය මගින් ඉල්ලුම් කල හැක​.

බස් රථය ලබාගැනීම​

අප සංගමය සතුව බස් රථයක් ඇත. එය අප සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ විනෝද චාරිකා සහ වෙනත් උත්සව සඳහා ඉතා පහසු මිල ගනන් යටතේ ලබාදෙනු ලැබේ. ඒ සඳහා අයදුම් පත්‍රය පහතින් ලබා ගත හැක.

පිංතූර එකතුව

අමතර තොරතුරු ලබාගැනීම සඳහා

අප හා සම්බන්ධ වන්න

Mr. Nuwan De Silva (සභාපති) - 0711827002
Mr.Indika Alahapperuma (භාණ්ඩාගාරික) - 0764817327
Mr. Subath Chamara (ලේකම්) - 0773711950
welfaresocietyrda@gmail.com

අපට පණිවිඩයක් එවන්න